News Line| Off Air
Generic placeholder image

Feb
7

තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා, සෝපානයේ සිර වූ විමල් පාර්ලිමේන්තු සභාවේදී කියයි

1473 Views


තව ඩිංගෙන් හුස්ම ටික හිරවෙනවා, සෝපානයේ සිර වූ විමල් පාර්ලිමේන්තු සභාවේදී කියයි

සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ සංවාදය පහතින්..

විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න.

කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්.

විමල් – කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා.

දිනේෂ් ගුණවර්ධන – හදිසි දුරකතනය භාවිත කළත් විනාඩි 25ක් පමණ සෝපාන ක්‍රියාකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා.මම පාර්ලිමේන්තුවට ආවේ 1983. මේ වගේ දෙයක් වුණේ පළමු අවස්ථාවටයි. අපිට සෝපානයක මැරෙන්න බෑ.

සරත් ෆොන්සේකා – (දිනේෂ්ට පිළිතුරු දෙමින්) විදුලි සෝපානය භාවිත කරන්න බයයි නම් පඩිපෙළ භාවිත කරන්න. එක අවස්ථාවකින්ම කැඩෙන යන්ත්‍ර නෑ


News Articles
Latest Videos
Most Popular Post