News Line| Off Air
Generic placeholder image

Feb
7

කොළඹ හතේ සුවිසල් නිවසකින් ලක්‍ෂ 20 ක විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට

629 Views


කොළඹ හතේ සුවිසල් නිවසකින් ලක්‍ෂ 20 ක විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට

කොළඹ 07 ප‍්‍රදේශයේ ප‍්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සුවිසල් නිවසක තිබී විදේශීය මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුවයි. එහි තිබී විදේශීය මත්පැන් බෝතල් 200 ක් සොයා ගැණුනු අතර ඒවායෙහි වෙළද පොළ වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ඉක්ම වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේය.

වැටලීම සිදුකළ නිවසේ හිමිකරු වන අදාළ ප‍්‍රංශ ජාතිකයා කොළඹ ප‍්‍රදේශයේ ඉහළ පෙළේ ආපන ශාලාවක් පවත්වාගෙන යන අයෙකු බවටයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post