News Line| Off Air
Generic placeholder image

Feb
7

ලතීෆ්ට අගමැතිගෙන් ප්‍රශංසා

600 Views


ලතීෆ්ට අගමැතිගෙන් ප්‍රශංසා

පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා සිදු කරන ලද මෙහෙයුම්වලට දායක වූ විශේෂ කාර්ය බළකායේ සියලුම නිලධාරීන්ට තමන්ගේ ප්‍රශංසාව පළකරන බවද අගමැතිවරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඬලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කරන මෙහෙවර අගය කරමින්අග්‍රාමාත්‍යරනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව පවසා තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටෙන් තුරන් කිරීමටත්,එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමටත් සිදු කළ මෙහෙයුම්වලදී විශේෂ කාර්ය සාධක බළකාය පසුගියදා අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම්සහගත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post