News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

විදුලි සෝපාන ලියාපදිංචි කිරීමට යෝජනාවක්

576 Views


විදුලි සෝපාන ලියාපදිංචි කිරීමට යෝජනාවක්

ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

විදුලි සෝපාන අක්‍රීය වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී ඇති බැවින් මේ තීරණය ගත් බවද අමාත්‍යවරයා අද (07දා) පාර්ලිමේන්තු සභා වරයේදී ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විදුලි සෝපාන සම්බන්ධයෙන් වගකීමක් ඇති කළ යුතුයි. මේ ගැන අපි ආණ්ඩුවේ කතාබහ කළා. මේ වන විට රට තුළ විදුලි සෝපාන 25,800ක් පමණ තිබෙනවා. මේවා ලියාපදිංචි කර නැහැ. මේ නිසා වසරකට වරක් විදුලි සෝපාන ලියාපදිංචි කළ යුකු බවට වන යෝජනාවන් අපි ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි එය පාර්ලිමේන්තුවෙන්ම පටන්ගම්මු” යැයි පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post