News Line| Off Air
Generic placeholder image

Feb
8

අත්අඩංගුවට ගත් පිරිසෙන් පිරිමි 04ක් කාන්තාවන් 05ක් ඩුබායි පොලීසිය නිදහස් කරයි

2212 Views


අත්අඩංගුවට ගත් පිරිසෙන් පිරිමි 04ක් කාන්තාවන් 05ක් ඩුබායි පොලීසිය නිදහස් කරයි

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින මාකඳුරේ මධුෂ් හා ගායක අමල් පෙරේරා ඇතුළු 31 දෙනාගේ රුධිර පරීක්ෂණ කටයුතු ඊයේ දිනය වනවිට නිමා වී ඇතැයි ඩුබායි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින 31 දෙනා අතරින් මත්ද්‍රව්‍ය භාවිත කර සිටින පිරිස් හඳුනාගැනීමට මෙම රුධිර පරීක්ෂණ සිදු කර තිබේ. අදාළ රුධිර වාර්තාවලට අනුව ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද? නැද්ද? යන්න හා මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා නම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? යන්න හඳුනාගැනීම මෙම පරීක්ෂණවල අරමුණ වන අතර, මේ වනවිට ඩුබායි පොලීසිය අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් පවතින බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම පිරිස අතර සිටින පුද්ගලයන් කීපදෙනෙකුම සැලකිය යුතු ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට ඩුබායි පොලීසිය සැක පලකරනවා.

ඩුබායි රාජ්‍යයේ නීතිය අනුව දඬුවම්වල ස්වභාවය තීරණය වනුයේ මත්ද්‍රව්‍ය භාවිත කළ ප්‍රමාණ සහ ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මත බව ආරක්ෂක අංශ සඳහන් කරයි.උපන්දින සාදයේ සිටි පිරිස අතරින් මූලිකවම අත්අඩංගුවට ගත් පිරිස හතළිහක් බව මේ වනවිට තහවුරු වී ඇති අතර, එම පිරිසෙන් පිරිමි හතර දෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඩුබායි පොලීසිය විසින් මේ වනවිට නිදහස් කර තිබෙන බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post