ඉදිරියේදී ජනමාධ්‍යය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කිරීමේ සුදානමක් පවතින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ සියත 24 අපට වාර්තා උනා. දැනට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වගකීම ඉටු කරන රුවන් විජේවර්ධන මහතාට මෙම වගකීම පැවරෙන්නෙ දැනට එම වගකීම දරන මංගල සමරවීර ඇමතිවරයාට මුදල් අමාත්‍යංශයේ වැඩි වගකීමක් දැරිය යුතු නිසා ඊට මුලිකවම අවධානය ලබාදීම නිසා බවයි පැවසෙන්නේ. මෙම කැබිනට් නොවන ඇමතිධූරය ඉදිරි දින කිහිපයේදී ලැබෙන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.