එල්ලුම්ගහ ගහ ක්‍රියාත්මක කිරීමට වධකයන් එහෙමත් නැත්නම් අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීම සදහා ලබන සදුදා සිට අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.මේ සඳහා සම්මාන දෙකක් සහිතව විෂයයන් 6 කින් අ.පො.ස සා.පෙළ විභාගය සමත්ව සිටින වයස අවුරුදු 45ට අඩු අයට අයදුම් කළ හැකි අතර මීට පෙර බදවා ගෙන සිටි දෙදෙනා සේවය අතහැර යාම නිසා මෙම පුරප්පාඩු ඇතිව තිබෙන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.මේ වන විට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරය තුළ ස්ථාපිත කර තිබෙන එල්ලුම්ගහට පකිස්ථානයෙන් ආනයනය කළ කඹයක් තිබෙන බවත් එය යොදා ක්‍රියා කළ හැකි තත්ත්වයෙන් පවතිනවාද යන්න ඉදිරි දින වලදී සොයා බලන බවත් ඒ මහතා කියාසිටියා. මේ පරීක්ෂා කිරීම සඳහා මනුෂ්‍ය බරට සමාන වැලි කොට්ට යොදාගන්න බලාපොරොත්තුවෙන බවත් ඔහු වැඩිදුරටත් පවසාසිටියා.