News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

කථානායක නිල නිවස ඉදිරිපිට පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයක

1086 Views


කථානායක නිල නිවස ඉදිරිපිට පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයක

කථානායක නිල නිවස ඉදිරිපිට ඇති පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට අයත් මෙම ඉඩමඑළිපෙහෙළි කිරීම පිළිබඳ ඒ ආසන්නයේ ඇති භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ විසින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත දැනුම්දීමට කටයුතු කර තිබෙනවා.

අධිආරක්ෂිත කලාපයේ ඇති මෙම ඉඩම සම්බන්ධයෙන් ඔප්පුවක් ලියා ඇති බවත්, එය 2017 වසරේදී මීරිගම පුද්ගලයෙකුගේ නමට ලියා ඇති බවත් මේවනවිට කරුණු අනාවරණය කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කතානායක කරු ජයසූරිය මහතාට, ඉඩම් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ වගකිවයුත්තන් වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

හඳුන්නෙත්ති මහතා දැනුම්දුන් කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරියෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතා යොමුකර ඇත.

මේ පිටුපස සිටින පුද්ගලයන් සොයා ඉතාඉක්මනින් රටට අනාවරණය කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post