News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

ධීවර යාත‍්‍රා දස දහසකට ජී පී එස් තාක්ෂණය

612 Views


ධීවර යාත‍්‍රා දස දහසකට ජී පී එස් තාක්ෂණය

ධීවර යාත‍්‍රා දස දහසක් සඳහා ජී පී එස් තාක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ ධීවරයන්ගේ වෙස් ගනිමින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ අනෙකුත් නීතිවිරෝධී කටයුතු පාලනය කිරීමේ අරමුණින් ධීවර යාත‍්‍රා නිරීක්ෂණය කිරීම සඳහා අදාළ කි‍්‍රයාමාර්ගය ගෙන ඇති බවයි.

ධීවර කටයුතු සඳහා වරායෙන් පිටව යන ධීවරයින් ඇගිලි සලකුණු යන්ත‍්‍රයන්හි සිය අනන්‍යතාව තහවුරු කර දියඹට යාමේ ක‍්‍රමවේදයක් සකස් කිරීමට ද කටයුතු යොදි ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post