News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

මධූෂ් සමඟ කොටුවූ ‘ජංඟා’ගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් හමුවේ

973 Views


මධූෂ් සමඟ කොටුවූ ‘ජංඟා’ගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් හමුවේ

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ පිරිස අතර සිටින මධූෂ්ගේ ගෝලයෙකු වන තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් ‘ජංඟා’ නමැත්තාගේ මාතර, ගන්දර පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි මෙම උණ්ඩ සහ ඇඳුම් තොගය සොයාගෙන ඇත්තේ.

යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ ටී -56 ජීව උණ්ඩ 23 මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post