News Line| Off Air
Generic placeholder image

Feb
9

2015 – 2018 රජයේ ආයතනවල දූෂණ හොයන කොමිෂම වැඩ අරඹයි

593 Views


2015 – 2018 රජයේ ආයතනවල දූෂණ හොයන කොමිෂම වැඩ අරඹයි

2015 ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂම පැමිණිලි භාරගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

2015 ජනවාරි මස 14 වැනි දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ කි‍්‍රයා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා කඩිනම් අපක්ෂපාතී, පුළුල් විමර්ශනයකට ලක් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යභාරයයි.

එබඳු වරදවල් සම්බන්ධයෙන් නිතී ප‍්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම හා සාක්ෂි එක් රැස් කිරීම ද මෙම කොමිෂන් සභාව හරහා සිදු වෙනවා.

ඉහත එක් කරුණක් හෝ කරුණු කිහිපයකට අදාළ ඕනෑම ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංගී‍්‍රසි භාෂාවෙන් ,ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02, දෙවෙනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, ලිපිනයට යොමු කළ හැක.

සියලු පැමිණිලි 2019 මාර්තු 07 වන දින හෝ එදිනට පෙර ඉදිරිපත් කළයුතු අතර එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම සහ ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත‍්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතුය.

තව ද ඔහු හෝ ඇය සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ද ඉල්ලා සිටිය හැකිය.

කොමිෂන් සභාවට වාචික ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන/ පුද්ගලයන්ට 011-2665382 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී 2019 මාර්තු මස 07 වන දින හෝ ඊට ප‍්‍රථම දිනයක් නියම කර ගත හැකිය.

විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ කොමිෂම ජනාධිපතිවිස්න විසින් පත් කරන ලද්දේ ඉකුත් ජනවාරි 17 වැනිදායි.

කොමිෂමේ පළමු අතුරු වාර්තාව මාස 03 ක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළතත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post