News Line| Off Air
Generic placeholder image

Feb
9

මධූෂ්ගේ අනියම් බිරියට අයත් බවට පැවසෙන මෝටර් රථයක් අත්අඩංගුවට

870 Views


මධූෂ්ගේ අනියම් බිරියට අයත් බවට පැවසෙන මෝටර් රථයක් අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ප‍්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරියට අයත් බවට පැවසෙන මෝටර් රථයක් පාදුක්ක පෙරේගෙදර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලීසිය පැවසුවේ මේ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි

මෝටර් රථය නවතා තිබු නිවසේ හිමිකරු වන 57 හැවිරිදි පුද්ගලයෙක් හා 26 හැවිරිදි ඔහුගේ පුත‍්‍රයා මෙලෙෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලීසිය පැවසුවේ

මාකඳුරේ මධූෂ්ගේ ගෝලයකු වන තුඹේ හේවාදුරගේ අනුෂ්ක කවිශාල් නොහොත් ජංගා නැමැත්තාගේ නිවසේ තිබී හමුදා නිල ඇදුම් 18 ක් සහ ටී 56 උණ්ඩ 23 ක් ඊයේ සොයා ගත්තා

අදාල පරීක්ෂාව සිදු කලේ පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින්

ප‍්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ්ගේ නිවසටද ඊයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් යැවුණා

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ

සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් තවදුරටත් සාකච්ඡුා සිදු වනවා

ඊයේ ඩුබායි සති අන්ත නිවාඩු හේතුවෙන් රාජකාරී කටයුතු සිදු නොවන බව පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ අණදෙන නිලධාරී ජේ්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත සදහන් කලා

උදර්පන නීතිය මෙරට තුල ක‍්‍රියාත්මක කිරීමට අදාල ප‍්‍රතිපාදන නිසිපරිදි සකස් කර නොමැති බැවින් අදාල සැකකරුවන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නෛතික වශයෙන් අපහසු තත්වයක් පවතින බවයි නීතිවේදීන් පෙන්වා දෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post