වසර 2020 වන විට ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් ප‍්‍රතිලාභ ලබා දෙන ගම්මාන සංඛ්‍යාව 4000ක් දක්වා ඉහල නංවන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා
ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ මේ වන විට සකී‍්‍රය ව වැඩ අරඹා ඇති ගම්මාන සංඛ්‍යාව 1000 ක්. ඉන් 700ක් ප‍්‍රජාපාලිත ගම්මාන ලෙසත් 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙසත් කි‍්‍රයාත්මක වනවා.ග‍්‍රාමශක්ති, ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ඊයේ රැුස් වුනේ මඩකලපුව, මන්මුනෙයි උතුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී.
ග‍්‍රාමශක්ති වැඩසටහන නැගෙනහිර පළාත තුළ කි‍්‍රයාත්මක වන ආකාරය එහි ප‍්‍රගතිය සහ ඉදිරි සැලැසුම් පිළිබ`ද එහිදී සමාලෝචනයට ලක් කෙරුණා
2018 වසරේ දී මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමශක්ති සමිතිවලට ලබා දී ඇති ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් මිලියන 42ක්. අම්පාර දිස්ති‍්‍රක්කය ස`දහා රුපියල් මිලියන 66ක් ද ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයට රුපියල් මිලියන 33ක් ද ලබා දී තිබෙනවා.
ග‍්‍රාමශක්ති ව්‍යාපාරය යටතේ මුහුදු පැළෑටි අපනයනයට අදාළ ගිවිසුමකට සහ මුරුංගා දලූ මිලදී ගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබීම ද ඊයේ සිදු කෙරුණා.