News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

අද සිට 13 දක්වා මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයේ වැඩිවීමක්

1257 Views


අද සිට 13 දක්වා මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයේ වැඩිවීමක්

දිවයින අවට මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ එම තත්වය ලබන 13 වනදා තෙක් පැවතිය හැකි බවයි.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වන මුහුදු ප‍්‍රදේශ වලත් මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහල යා හැකියි. සෙසු මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහල යා හැකි වනවා

සුලගේ වේගය වැඩිවීමත් සමග මුහුදු ප‍්‍රදේශ රලූ විය හැකි බැවින් ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post