News Line| Off Air
Generic placeholder image

Feb
11

මහරගම අපේක්ෂා රෝහලට අළුත් අපේක්ෂාවක්

1178 Views


මහරගම  අපේක්ෂා රෝහලට  අළුත් අපේක්ෂාවක්

මෙරට තුල දායක ඇටමිදුලූ බද්ධය මේ වසරේ ආරම්භ කිරීමට මහරගම අපේක්ෂා රෝහල තීරණය කර තිබෙනවා.විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අබේසිංහ මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡුාවකදී සදහන් කලේ අවශ්‍ය පහසුකම් ලබාදුන් පසු එම කටයුතු ආරම්භ කිරීමට හැකි බවයි.

දායක ඇටමිදුලූ බද්ධය ආරම්භ කිරිම සදහා මෙම රෝහලේ මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 04 ක්, වෛද්‍යවරුන් 05 ක්, හෙදහෙදියන් 05 සහ රසායනාගාර විද්‍යාඥයින් 02 කට විධිමත් පුහුණුවක් ලබා තිබෙනවා.එම පුහුණු වීම් ලබා දී ඇත්තේ ඔස්ට්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පිටි සෙන් වින්සන්ට් රෝහල මගින්.රෝහල තුල මේ වන විට කාමර 02 ක ඇටමිදුලූ බද්ධයට නියමිත රෝගීන් නතර කර සිටිනවා.

එම කාමර සංඛ්‍යාව 08 දක්වා වැඩිකිරීම සදහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එකගතාවය පල කර තිබෙනවා.අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ තවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කිරීමට ද තීරණය කර ඇති බවයි
මෙම රෝහලේ මෙතෙක් සිදු කරන ලද්දේ ස්වයං ඇටමිදුලූ බද්ධය පමණයි.

අපේක්ෂා රෝහල තුල මෙතෙක් සිදු කර ඇති ස්වයං ඇටමිදුලූ බද්ධ කිරීම් සංඛ්‍යාව 50 ක්


News Articles
Latest Videos
Most Popular Post