News Line| Off Air| Games
Generic placeholder image

Feb
11

සුමන්තිරන්ට ලගදීම ලොකු පුටුවක්

476 Views


සුමන්තිරන්ට ලගදීම ලොකු පුටුවක්

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත් වන බවත් ඒ සඳහාඅවශ්‍ය මූලික වටපිටාව සකස් කිරීමට එළැඹෙන මධ්‍යම කාරක සභා වාරයේ සිදුකරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරවනබවන් මහතා පවසනවා. යාපනයේ දී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටියේ නායකයා වශයෙන් ආර් සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයට ඉතා විශිෂ්ට නායකත්වයක් ලබා දුන් බවයි. මන්ත්‍රීවරයා අසනීපයෙන් පසුවීම නිසා දෙමළ ජාතික සන්ධානයේ අනුශාසක වරයා වශයෙන් පත්කොට නායකත්වය සුමන්තිරන්ට ලබාදීමට කරුණු සාකච්ඡා කරන බවත් සරවනබවන් මහතා සඳහන් කළා. දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්විය යුත්තේ මාවෙයි සේනාධිරාජා මහතා වුවත් ඔහුගේ අසනීප තත්වය නිසා ඔහුද සුමන්තිරන් මහතා නායකත්වයට සුදුසු බව බවට අදහස් පළ කොට ඇති බවත් සරවනබවන් මන්ත්‍රීවරයා කියා සිටිනවා


News Articles
Latest Videos
Most Popular Post