ඩුබායිහීදී පාතාල නායක මදූෂ් සමග අත්අඩංගුවට පත් වූ කළාකරුවන් ගැන පලවෙන වාර්තා අසත්‍යය බව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහාතා සියත 24 කල විමසීමකදී කියා සිටියා. මෙම සිද්දියට අදාළව ඩුබායි පොලීසිය විසින් කල රුධිර සාම්පල පරීක්ෂණයේ ප්‍රථිඵල තවම පොලිසිය විසින් කාහටවත් ලබා දී නොමැති බවත් නදීමාල් පෙරේරාගේ රුධිරයේ කොකේන් තිබු බවට පැතිර යන කතාව මුලුමනින්ම අසත්‍යය බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ. එමෙන්ම මේ වන විට පොලිස් පරීක්ෂණ අවසන් බවත් පොලීසිය විසින් මෙම සැකකරුවන්ව අධිකරණයට යොමු කරන දිනයක් තවම ප්‍රකාශයට පත් නොකල බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.