News Line| Off Air
Generic placeholder image

Feb
11

ක්‍රිකට් නිළවරණය යළිත් වරක් කල්යයි ?

684 Views


ක්‍රිකට් නිළවරණය යළිත් වරක් කල්යයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයට තරග වැදීමට තමන්ට තිබූ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව නඩු මගට පිවිසෙන බව මොහාන් ද සිල්වා මහතා කොළඹ සී.සී.සී. ක්‍රීඩා සමාජයේ අද (11දා) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

මෙහිදී මොහාන් ද සිල්වා මහතා පවසා සිටියේ තමන් ක්‍රිකට් නිලවරණයට නුසුසු අයෙකු බව දැනගත්තේද පසුගිය සිකුරාදා මාධ්‍යයෙන් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මොහාන් ද සිල්වා මහතා,

ක්‍රීඩා අමාත්‍යතුමාගේ ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටුව මම සහ රවීන් වික්‍රමරත්න මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ. ඒත් අපි ප්‍රතික්‍ෂේපවෙලා කියලා දැනගන්න ලැබුණෙත් පසුගිය සිකුරාදා මාධ්‍යයෙන්. අද වනතුරු අපිට හේතුවක් දක්වලා නැහැ අපිව ප්‍රතික්‍ෂේප කරපු. ඒ නිසා අධිකරණයේ පිහිට පනනවා යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019/21 නිළවරණය සඳහා තරග වදින මොහාන් ද සිල්වා මහතා සහ රවීන් වික්‍රමරත්න මහතා නිලවරණයට ඉදිරිපත්වීමට නුසුදුසු අය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිවරණ අභියාචාන කමිටුව පසුගිය සිකුරාදා (08දා) සඳහන් කළා.

එසේන්ම විරෝධතා ඉදිරිපත්වී තිබූ ජයන්ත ධර්මදාස, ශම්මි සිල්වා, බන්දුල දිසානායක සහ ලලිත් රඹුක්වැල්ල යන අයගේ විරෝධතා ප්‍රතික්ෂේප කර එම අය නිලවරණය සඳහා සුදුසු අය බවද ක්‍රිකට් නිවරණ අභියාචාන කමිටුව නිර්දේශ කළා.

අද පැවති මාධ්‍ය හමුව සඳහා මොහාන් ද සිල්වා පාර්ශ්වය වෙනුවෙන් තරග වදින ශම්මි සිල්වා හා බන්දුල දිසානායක යන මහත්වරුන්ද සහභාගි වූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මෙම මස 07 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර, පසුව එය මෙම මස 21 වැනිදා පැවැත්වීමට කල්දැමිණි. මොහොන් ද සිල්වා පාර්ශ්වය නඩු මාර්ගයට පැමිණිය හොත් ක්‍රිකට් නිලවරණය නැවතවරක් කල්යනු ඇතැයි වාර්තා වෙනවා.

ක්‍රිකට් නිළවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හෙට (12දා) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post