News Line| Off Air
Generic placeholder image

Feb
11

සරසවියක සිසුන්ට ආදී සිසුන්ගෙන් ප්‍රහාරයක්

772 Views


සරසවියක සිසුන්ට ආදී සිසුන්ගෙන් ප්‍රහාරයක්

රත්මලානේ පිහිටි විශ්ව විද්‍යාලයකට ඇතුල්වූ ආදී සිසුන් පිරිසක් විසින් දැනට එම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබන නීති පිඨයේ සිසුන් පිරිසකට සිදුකළ පහර දීමක් හේතුවෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

අද (11) උදැසන දේශනය අවසන් වීමත් සමග දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් රැඳී සිටි දේශන ශාලාවට ඇතුල්වූ මෙම ආදී සිසුන් පිරිස එහි සිටි එක් ළමයෙකුට අමානුෂික ලෙස අතින් පයින් පහරදී ඇති අතර පසුව එම සිසුවා බිම ඇද වැටීමෙන් අනතුරුව හිසට පහරදී ඇති බව සිද්ධිය ඇසින් දුටුවෙක් ප්‍රකාශ කර සිටියේ.

මේ අවස්ථාවේදී එම සිසුවා බේරා ගැනීමට ඉදිරිපත් වූ තවත් සිසුන් දෙදෙනෙකුටද එම පිරිස පහරදී ඇත.

තුවාල ලැබුවා සිසුන් තිදෙනා රෝහල වෙත රැගෙන යාමට උත්සහ දරා ඇති මුත් එම අවස්ථාවේදී අදාළ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ සිද්ධිය පිටත සිටින අයට ආරංචි වුවහොත් විශ්ව විද්‍යාලයේ නමට කැළලක් ඇතිවන බැවින් ඔවුන් වේරහැර ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයට අයත් රෝහලට ඇතුලත් කරන ලෙසයි.

එමෙන්ම මෙම පහර දීමට පැමිණි සිසුන් පිරිස අදාල විශ්ව විද්‍යාලයේ නිළ ඇඳුම් ඇද පැමිණ සිටිය බවටත් මෙය පරණ සිදුවීමක් මුල් කර ගනිමින් සිදුවූ පහරදීමක් බවට සැකපළ කරනවා.

පහර කෑමට ලක්වූ සිසුවෙකුගේ පියෙක් සදහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බැවින් පොලිසියට පැමිණිලි කිරීමෙන් වළකින්නැයි අදාල පහරකෑමට ලක්වූ සිසුන්ට විශ්ව විද්‍යාල බලධාරීන් දැනුම් දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post