News Line| Off Air
Generic placeholder image

Feb
11

රුසියාවෙන් MI 17 හෙලිකොප්ටර් මිලදී ගැනීමට සැරසෙයි

700 Views


රුසියාවෙන් MI 17 හෙලිකොප්ටර් මිලදී ගැනීමට සැරසෙයි

රුසියාවේ නිෂ්පාංදිත MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා කිහිපයක් මිලිදී ගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රි ලංකාව විසින් සිදුකරන එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් වෙනුවෙන් යොදා ගැනීමට මෙම හෙලිකොප්ට් යානා මිලදී ගැනීමට නියමිතයි.

මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතාද සඳහන් කර ඇත්තේ මේ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

කෙසේ වෙතත් මේ දක්වා මිලදී ගැනීමට යන හෙලිකොප්ටර් සංඛ්‍යාව පිළිබඳව අවසාන එකඟතාවක් නොමැති අතර 1990 සිට ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදීම මෙම වර්ගයේ හෙලිකොප්ටර් මිලදී ගෙන තිබෙනවා.

ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම හෙලිකොප්ටර් භාවිත කරයි. ගුවන් භාණ්ඩ ප්‍රවාහනය, මගී ප්‍රවාහනය, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් ආදි විශාල පරායක කටයුතු සඳහා මෙම හෙලිකොප්ටර් භාවිත කරයි.


News Articles
Latest Videos
Most Popular Post