News Line| Off Air
Generic placeholder image

Feb
11

අමෙරිකාව යළි අර්බුධයකට ගමන් කරන ලකුණු

680 Views


අමෙරිකාව යළි අර්බුධයකට ගමන් කරන ලකුණු

අයවැය සම්මත නොවීම හේතුවෙන් අමෙරිකානු රජය යළිත් අක‍්‍රීය වීමේ අවධානමක් මතුව තිබෙනවා. අයවැය සම්මත නොවීමෙන් ඉකුත් දා අමෙරිකානු රජය දින 35ක කාලයක් අකර්මන්‍ය වුණා.

එම තත්ත්වය මග හරවා ගත්තේ ජනාධිපතිවරයා විසින් සති 03ක කාලයක් සඳහා අනුමත කළ තාවකාලික ගිවිසුමක් හමුවෙයි. ඉකුත් 25වනදා කි‍්‍රයාත්මක කළ එම සහන ගිවිසුම මේ මස 15වනදායින් අවසන් වනු ඇති. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ අයවැය සම්මත නොවුනහොත් අමෙරිකානු රජය යළිත් කඩා වැටීමේ අවධානමක් මතුව තිබෙනවා.

එය වැළැක්වීම සඳහා එරට මන්තී‍්‍ර මණ්ඩලයේ සහ සෙනට් මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් කොංග‍්‍රස් මණ්ඩය සමග සාකච්ජා ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අමෙරිකාවේ හා මෙක්සිකෝවේ දේශ සීමාව හරහා ඉදිකිරීමට නියමිත තාප්පය සඳහා ජනාධිපතිවරයා විසින් අයවැයෙන් යෝජනා කර ඇති මුදල් වෙන් කිරීම කොංග‍්‍රස් මණ්ඩලය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙවර අමෙරිකානු රජයේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වුණා.

එම තාප්පය සඳහා ජනාධිපතිවරයා යෝජනා කර ඇති මුදලට වඩා අඩු ප‍්‍රමාණයක් වෙන් කිරීමට කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන අයවැය සම්මත කර ගැනීමටයි සෙනට් මණ්ඩලයේ හා මන්තී‍්‍ර මණ්ඩලයේ නියෝජිතයින් උත්සහ දරමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post