News Line| Off Air
Generic placeholder image

Feb
11

රූකාන්ත ගුණතිලකට එක්ස්ත ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකකම හිමිවෙයි

1153 Views


රූකාන්ත ගුණතිලකට එක්ස්ත ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකකම හිමිවෙයි

ජනපි‍්‍රය සංගීතවේදී රූකාන්ත ගුණතිලක හට එක්ස්ත ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායකධූරය පිරිනමා තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ පක්ෂ නායක සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී.

මීට අමතරව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මීගමුව ආසන සංවිධායක ලෙසත්, ලලිත් දිසානායක අරණායක සංවිධායක ලෙසත් පත් කෙරුණා. තිලිණ බණ්ඩාර තෙන්නකොන් පාතදුම්බර ආසන සංවිධායක ලෙස පත්වීම් ලැබූ අතර මංජුල බණ්ඩාර වාරියපොල ආසන සංවිධායක ලෙසත්, බී එම් යූ බී විජේනායක හිරියාල ආසන සංවිධායක ලෙසත්, අද (11) පත්වීම් ලබා ගත්තා.

මෙහිදී අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ සියලූ බලවේග ඒකරාශී කර ගනිමින් ඉදිරියේදී පිහිටුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් ඇති කරන බවයි.

වගකීම් ඉටුනොකරන ආසන සංවිධායකවරු සිටීනම් ඔවුන් සම්බන්ධව ගත යුතු පියවර පිළිබඳ තම පක්ෂය තීරණය කර ඇති බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post