මෙරට ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිසෙන් 27දෙනෙකු සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතරට මාකඳුරේ මදූෂ්, අමල් පෙරේරා, නදීමාල් පෙරේරා සහ රයන් වැන්රෝයන් ද අයත්.කෙසේවෙතත් තවත් ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණ අවසන් නොමැති බවයි ඩුබායි ආරංචි මාර්ග සඳහන් කළේ.
අදාළ සිද්ධිය පාදක කර ගනිමින් වාහන 14ක්ද, ඩුබායි පොලීසිය සිය භාරයට ගෙන ඇති බවත් ඒවා මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස භාවිත කළ ඒවා බවටයි සැලකෙන්නේ. ඒ අතර සුඛෝපභෝගී වාහන රැසක් ද තිබූ බව ඩුබායි ආරංචි මාර්ග සඳහන් කළා.මෙම සිද්ධිය සම්බන්ධයෙන් යේමන් ජාතිකයින් 04දෙනෙකු හා නයිජීරියානු ජාතිකයින් 06දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.