News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිව පොලිසියෙන් සොයයි

668 Views


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිව පොලිසියෙන් සොයයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.බණ්ඩාරවෙල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවයි.මන්තී‍්‍රවරයාට අමතරව සිද්ධියට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද ඔහු සඳහන් කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරිගේ රියදුරා මේ මස 18 වැනිදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post