News Line| Off Air
Generic placeholder image

Feb
12

අමල්ට වඩා මාස හතරක් එක බත් පත බෙදන් කෑව මදුෂ්ව මම දන්නවා

2098 Views


අමල්ට වඩා මාස හතරක් එක බත් පත බෙදන් කෑව මදුෂ්ව මම දන්නවා

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි වෙත ගොස් සිටින නීතීඥ උදුල් ප්‍රේමරත්න මේ දිනවලදී සමාජ ජාල ඔස්සේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා. ඒ ආකාරයට එල්ල වෙන චෝදනාවන්ට මුහුණුපොත හරහා පිළිතුරක් ලබා දීමට නීතීඥ උදුල් ප්‍රේමරත්න කටයුතුකර තිබුණා.එහිදී ඔහු දක්වා ඇත්තේ අමල්ට වඩා ඔහු මදුෂ්ව දන්නා බවයි.

මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න.එපමණයි.
ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මධූශ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇබරෙන්නෙ නැහැ.උබ හොදටම දන්නව ඒක..

මට මධූශ් හමුවී තිබේ පමනක් නොව ඔහු සමග එකම අඩි 6,10 කාමරයක එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා.ඒ කොයි කාලෙද ,කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

ඇත්තටම ගත්තොත් අමල් අදුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොදටම පුලුවන්කම තිබුනා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න.නමුත් මම හිතනව එහෙම කල යුතු නැහැ කියලා.
මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කල යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.මම කරන්නෙත් නැහැ.උපරිම දඩුව්ම් දිය යුතුමයි.



News Articles
Latest Videos
Most Popular Post