News Line| Off Air
Generic placeholder image

Feb
12

හිටපු ජනපති මහින්දගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්

665 Views


හිටපු ජනපති මහින්දගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානි ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම අද (12) අවසන් කෙරුණා. මෙම නඩුව විභාග කෙරෙන්නේ ස්ථීර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

මේ අතර චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි පෙන්වාදෙමින් විත්තිවාචක නොකැදවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතිඥවරයා මෙහිදී කියා සිටියා. මෙම ඉල්ලීම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 200 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන බවයි නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ. රජයේ මුදල් රුපියල් මිලියන 500ක් සාවාද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post