News Line| Off Air
Generic placeholder image

Feb
12

පදනම් නොමැතිව විදුලිය දෙන්න සූදානමක්

759 Views


පදනම් නොමැතිව විදුලිය දෙන්න සූදානමක්

සමස්ත දිවයින පුරාම, ඕනෑම පුද්ගලයෙකුට, තමන් ජිවත්වන ස්ථානයට කිසිදු පදනමකින් තොරව විදුලිය ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස තමන් විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.

නව විදුලි සම්බන්ධතාවක් අයදුම් කළ විට අදාළ නිවාසයේ පදිංචිව සිටින පදනම කුමක්ද, කොපමණ කාලයක්ද, අදාළ නිවසේ හිමිකාරීත්වය කාගේද ආදී පදනම් සළකා බලයි.

“ඉදිරියේදී එවැනි කිසිදු ගැටළුවකින් තොරව, ඉල්ලුම් කරන සියළු දෙනාටම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. විදුලිය කියන්නේ මිනිසාගේ මූලික යටිතල පහසුකමක්. ඒක ලබාගැනීම මානව අයිතිවාසිකමක්. තමා ජීවත්වන තැන තමාට අයිතිවාසිකමක් තිබෙනවා.

ඒ අයිතිවාසිකම උල්ලංඝනය නොකර, ජනතාවට විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරනවා.” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. ඊයේ (11දා) පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post