News Line| Off Air
Generic placeholder image

Feb
12

කාන්තාවන්ට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් සුභදායි ආරංචියක්

740 Views


කාන්තාවන්ට උතුරු ආණ්ඩුකාරවරයාගෙන් සුභදායි ආරංචියක්

උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව නොමැතිකම සම්බන්ධයෙන් උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණිලි රැසක් මේ වනවිට ඉදිරිපත්වී තිබෙනවා.

මේ අනුව අදාළ පැමිණිළි විමර්ශන කටයුතු සිදුකර මේ සඳහා විසඳුම් ලබා දීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා විසින් තීරණය කර තිබේ.

තිදෙනෙකුගෙන් සමන්විත මෙම විමර්ශන කමිටුවේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට නියමිත අතර එයින් එක් අයෙකු පැමිණිලි කරුවන්ගෙන් යෝජනා වූ කෙනෙක් වනු ඇත.

එමෙන්ම උතුරු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට තම උපදෙස් හා නිවැරදි මඟපෙන්වීම් ලබා දීමට 15 දෙනෙකුගෙන් යුත් ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ සභාවක්ද පත් කිරීමට උතුරු ආණ්ඩුකාරතුමන් විසින් තීරණය කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post