News Line| Off Air
Generic placeholder image

Feb
12

2020දී යාපනයට ගඟක් – නළ මඟින් ජලය උතුරට

1066 Views


2020දී යාපනයට ගඟක් – නළ මඟින් ජලය උතුරට

රත්නපුර, කෑගල්ල, කලුතර ප‍්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මුහුදට ගලා බසින ජලය නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීම වැදගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පාරිසරික විනාශයකින් තොරව කි‍්‍රයාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනම් සහ සාර්ථක ප‍්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපති සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ‍්‍රිත ප‍්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් අද (12දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවද ජනපතිවරයා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපාය වූ එම ප‍්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලුවලට ද ඒ සමගම විසඳුම් හිමිවන බවයි.

යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ,යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ‍්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබ ඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.


News Articles
Latest Videos
Most Popular Post