News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යළි රිමාන්ඩ්

687 Views


හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යළි රිමාන්ඩ්

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා ලබන 26 වනදා දක්වා අද (12) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔහු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේ සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මක බවයි.

මෙම සිද්ධියට අදාළ ගිනි අවි සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයාගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය ද අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේවෙතත් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා විසින් මේ වනවිට අභියාචනාධිකරණයේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ද ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post