සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය මේ වනවිට ඩර්බන්හි කිංග්ස්මේඞ් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට දකුණු අපි‍්‍රකාවට ආරාධනා කළා
වසර 37 ක ශී‍්‍ර ලංකා ටෙස්ට් ඉතිහාසයේ 17 වන ටෙස්ට් නායකයා ලෙස දිමුත් කරුණාරත්න මෙම තරගයට නායකත්වය ලබා දෙනවා
නවක කී‍්‍රඩකයින් ලෙස ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වමත් දග පන්දු යවන කී‍්‍රඩක ලසිත ඇඹුල්දෙණිය සහ මැදපෙළ පිතිකරු ඕෂධ ප‍්‍රනාන්දු ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්

ලසිත ඇඹුල්දෙණිය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 149 වන කී‍්‍රඩකයායි

ඕෂධ ප‍්‍රනාන්දු 150 වන කී‍්‍රඩකයා ලෙස අද ටෙස්ට් වරම් දිනාගනු ලැබුවා
තරගයේ අද දකුණු අපි‍්‍රකා ඉනිම ආරම්භ කළේ එඩින්මක‍්‍රාම් සමගින් ඞීන් එල්ගාර්
එහෙත් විශ්ව ප‍්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ඞීන් එල්ගාර් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියා
මේ වනවිට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන දකුණු අපි‍්‍රකාව එක් කඩුල්ලක් දැවී ලකුණු ලකුණු 17 යික් ලබා ගෙන සිටිනවා.