News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

වැරදි විනිසුරු තීරණ ලංකාවට බලපෑ අයුරු

1620 Views


වැරදි විනිසුරු තීරණ ලංකාවට බලපෑ අයුරු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වැරදි විනිසුරු තීරණ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය.

තරගයේ දෙවැනි පන්දුවාරය යොමුකළ විශ්ව ප්‍රනාන්දුගේ අවසන් පන්දුවේදී දකුණු අප්‍රිකානු පිතිකරු හෂීම් අම්ලා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය.

කෙසේ වෙතත් මේ සඳහා විශ්ව ප්‍රනාන්දු දැඩි ඉල්ලීමක් කළත් විනිසුරු විසින් එය ඉවත දමන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාත්න විනිසුරු තීරණය නැවත විමසීමට කටයුතු කළත් එය විනිසුරු අලීම් ඩාර් ප්‍රතික්ෂේප කළේ විනිසුරු තීරණයක් නැවත විමසිය යුතු තත්ත්පර 15ක් තුළඑ එම ඉල්ලීම නොකළ බව සඳහන් කරමිනි.

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න එම ඉල්ලීම කර තිබුණේ තත්පර 13.79ක් තුළය.

විනිසුරුගේ වරදින් නැවතත් අම්ලාට පන්දුවට පහරදීමට අවස්ථාව ලැබුණි. නැවතත් 7 වැනි පන්දුවාරය යොමුකළ සුරංග ලක්මාල්ගේ පළමු පන්දුවට ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අම්ලාගේ උඩපන්දුව ලබාගත්තත් පන්දුව බිමට පතිත වූ බවට විනිසුරු කේටල්බ්‍රෝ සඳහන් කරමින් ඔහු නොදැවුණ ක්‍රීඩකයෙන් බවට නම් කළේය. නමුත් පුනරූපන අනුව පෙනී ගියේ අම්ලා දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසයි. ඒ අනුව ඔහුට පිටියෙන් ඉවත්විමට තීරණය කළේය.

මේ අවස්ථාවේදී විස්තර විචාරක කටයුතුවල නිරත වෙමින් සිටි මයිකල් හෝල්ඩින් සඳහන් කළේ “ එය දැවී යාමක් නොවෙයි නම් මම නැවතත් කැරිබියන් බලා යනවා” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post