News Line| Off Air
Generic placeholder image

Feb
13

මන්ත්‍රී චමින්ද ඇප මත නිදහස්

553 Views


මන්ත්‍රී චමින්ද ඇප මත නිදහස්

පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධියට සම්බන්ධ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (13) දින නීතීඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ක්‍රීර්ති කුඹුරුහේන මහතා රුපියල්10000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මන්ත්‍රිවරයා නිදහස් කළේය.

බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී 10 දින සවස මන්ත්‍රිවරයාට ඉදිරියෙන් ධාවනය වු බව කියන ජිප් රථයක පැමිණි කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසියමගින් ක්‍රියාත්මක කර තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post