News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

අද ලග්න 4 කට සෞඛ්‍ය පිඩා – සම්පුර්ණ විස්තරය මෙන්න….

434 Views


අද ලග්න 4 කට සෞඛ්‍ය පිඩා – සම්පුර්ණ විස්තරය මෙන්න….

රාහු කාලය – පෙ.ව 07.37 සිට 09.10
සුභ දිශාව – දකුණ
මරු සිටින දිශාව – වයඹ

 

 

මේෂ ලග්නය


මහජනයා සම්බන්ධ කටයුතු සාර්ථක වෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු
කරන්න. කරන බොහෝ කටයුතු සාර්ථක වේවි. චිත්ත පිඩා ඇති විය හැකියි.

ජය වර්ණය- ලා රතු පැහැය                                        ජය අංකය- 03

වෘෂභ ලග්නය


වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. අන් අයටද උපකාර කරන දිනයක්. ගෙදර දොර
කටයුතු සාර්ථක වෙනවා. පිනට දහමට සිත යොමු වෙනවා.

ජය වර්ණය- ක්‍රීම් පැහැය                                          ජය අංකය- 07

මිථුන ලග්නය


පිනට දහමට සිත යොමු කලත් ඔබේ වියදම් පාර්ශවය පිලිබදව සැලකිලිමත් විය යුතුයි.
සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ගෙදරදොර කටයුතු දියුණු වේවි.

ජය වර්ණය -විසිතුරු පැහැය                                          ජය අංකය- 08

කටක ලග්නය


තරමක කේන්ති සිතුවිලි ඇති විය හැකියි. චිත්ත පිඩා ඇති විය හැකියි. වචන භාවිතා
කිරීමේදී කල්පනාකාරී වන්න. ඉවසිලිවන්තව දිනය ගත කරන්න.

ජය වර්ණය- ලා කොළ පැහැය                                        ජය අංකය- 02

සිංහ ලග්නය


ඔබගේ කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගත හැකි වේවි. සතුරු කරදර චිත්ත
පිඩා අවම කර ගැනීමට හැකි වේවි. බොහෝ වාසනාවන්ත දිනයක්.

ජය වර්ණය- රන්වන් පැහැය                                              ජය අංකය -03

කන්‍යා ලග්නය


අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. චිත්ත පිඩා ඇති විය හැකියි. තාක්ෂණික මෙවලම්
ආශ්‍රිත කටයුතු දියුණුව පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය- ක්‍රීම් පැහැය                                              ජය අංකය- 06

තුලා ලග්නය


ගෙදරදොර කටයුතු පහසුවෙන් දියුණු කර ගැනීමට හැකියාව පවතිනවා. සිතේ කරදර
දුරු කර ගැනීමට හැකියාව පවතින දිනයක්. අන් අයගේ උපකාරද හිමි වෙනවා.

ජය වර්ණය- ලා කොළ පැහැය                                             ජය අංකය- 08

වෘශ්චික ලග්නය


සහෝදරයින්ගේ උපකාර හිමි වෙනවා. අන් අයගේ කටයුතු වලට මැදිහත් වේවි. පිනට
දහමට සිත යොමු වෙනවා. සූරිය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න.

ජය වර්ණය- රතු පැහැය                                                    ජය අංකය- 08

ධනු ලග්නය


මානසික ගැටළු ඇති විය හැකි දිනයක්. පවුලේ අයගේ කටයුතු නිසා වියදම් අධික
වනවා මෙන්ම තරමක කාර්යබහුල තත්වයක්ද ඇති විය හැකියි. සෞඛ්‍ය පිලිබදව
අවධානය යොමු කරන්න.

ජය වර්ණය- ලා කහ පැහැය                                            ජය අංකය- 07

මකර ලග්නය


ව්‍යාපාර හා රැකියාවේ කටයුතු දියුණු වෙනවා. කරන කටයුතු සැලසුම් සහගතව කිරීමට
සිහි තබා ගන්න. කල්පනාවෙන් දිනය ගත කල යුතුයි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු
කරන්න.

ජය වර්ණය- ලා නිල් පැහැය                                                  ජය අංකය- 03

කුම්භ ලග්නය


නිතර බාධාකාරී සිතුවිලි ඇති විය හැකියි. ජලයෙන් ප්‍රවේසම් විය යුතුයි. සතුරු බාධා
දුරු කර ගත හැකියි. සමාජයේ ගෞරවයට ලක් වෙනවා.

ජය වර්ණය- ලා නිල් පැහැය                                              ජය අංකය- 07

මීන


ව්‍යපාර කටයුතු සාර්ථක වෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ගෙදරදොර
කටයුතු දියුණු වෙනවා. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය -ලා දම් පැහැය                                                      ජය අංකය- 03

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :කැළුම් ගුණතිලක


News Articles
Latest Videos
Most Popular Post