News Line| Off Air
Generic placeholder image

Feb
14

සහරා ෆැලෑෂ් වෙත එල්ල වුණ ගල් ප්‍රහාරයෙන් පස්සෙ රටම දැකපු චාමර වීරසිංහගේ මනුස්සකම

2535 Views


සහරා ෆැලෑෂ් වෙත එල්ල වුණ ගල් ප්‍රහාරයෙන් පස්සෙ රටම දැකපු චාමර වීරසිංහගේ මනුස්සකම

එළිමහන් ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී පසුගිය දිනවල කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායටම නැවත වතාවක් එවන් ප්‍රහාරයක් එල්ලවී තිබුණා.

පසුගිය ගණේමුල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී එම සංගීත කණ්ඩායම මෙලෙසින් ගල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම ප්‍රහාරයෙන් දරුණු ලෙස හිසට සිදුවූ තුවාළ හේතුවෙන් සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිල රාගම රෝහලට ඇතුල්කර තිබුණ අතර ප්‍රසංගය පැවති ප්‍රදේශයේ අයෙකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබාදීමත් සමඟ එයට උරණ වූ නරඹන්නෙකු විසින් මෙම ගල් ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන් වෙනවා.

මේ අතර ප්‍රහාරය එල්ලවීමත් සමඟ තුවාල ලැබූ වාදන ශිල්පියා කිසිවෙකු රෝහල්ගතකිරීමට ඉදිරිපත් වී නැත. ඒ අවස්ථාවේ සියලු දෙනා බලාසිටියදි ඔහු කඩිනමින් රෝහල්ගතකර ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ.

එහිදී ඔහු මුදල්ද අමතක කරමින් ප්‍රසංගය අතහැර දමා තුවාල ලැබූ හසිත රෝහලට ගෙන ගොස් ඔහු සමග රෝහලේ රැඳී සිටීමටද චාමර කටයුතු කර තිබෙනවා.

සිදුවීම පිළිබඳ හසිත කෝකිල සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,


News Articles
Latest Videos
Most Popular Post