News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

මගෙන් කෑලි අයින් කළොත් මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා

1022 Views


මගෙන් කෑලි අයින් කළොත් මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා

තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහු මේ බව සඳහන් කළා.

“හුගක් අය හිතනවා විනයක් රටට ගේන කොට. විනයක් ඇතිව රටක වැඩ කරන විට. උදාහරණක් ලෙස සමහර අය කියනවා සර් ටිකක් සැර වැඩියි. සර් ආවොත් හමුදාමය විදිහට වැඩ කරයිද කියලා. ඔය ගොල්ලෝ කියනවනම් මනිස්සු කියනවා කියලා මාව ඕන කියලා ඒ මොකද මාව ඕන කියන්නේ මේ දකින ගෝඨාභය වෙනුවෙන්නේ.

ඒකෙන් මේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.”


News Articles
Latest Videos
Most Popular Post