News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
16

දකුණු අප්‍රිකාවට වැඩි ගෞරවයක්

1062 Views


දකුණු අප්‍රිකාවට වැඩි ගෞරවයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 83ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි.

කුසල් ජනිත් (28) හා ඕෂධ ප්‍රනාන්දු (12) නොදැවී පිටියේ රැඳී සිටිති.

දිමුත් කරුණාරත්න (20), ළහිරු තිරිමාන්න (21), කුසල් මෙන්ඩිස් (0) දැවී ගිය ක්‍රීඩකයෝ වෙති.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 235ක් රැස්කළ අතර ශ්‍රි ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 191ක් පමණි. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 259කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

නායක ඩුප්ලෙසි ලකුණු 90ක් රැස්කිරීමට සමත්විය.


News Articles
Latest Videos
Most Popular Post