News Line| Off Air
Generic placeholder image

Feb
20

ඉන්දියාව ලෝක කුසලානයේදී පාකිස්තාන තරගය අත්හරීද…?

1055 Views


ඉන්දියාව ලෝක කුසලානයේදී පාකිස්තාන තරගය අත්හරීද…?

ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හා ක්‍රීඩා කිරීමට නියමිත තරගය අත්හළ යුතු බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සඳහන් කරයි.පාකිස්තානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් මෙසේ ඉන්දියාව, පාකිස්තාන තරගය වර්ජනය කළ යුතු බව ඔහු පවසයි.

“මේක අපහසු අවස්ථාවක්. මේ සිදුවුණ ප්‍රහාරය විශ්වාසකරන්නත් බෑ, ගොඩක් වැරදියි. මේ පිළිබඳව රජය දැඩි තීරණයක් ගත යුතුයි. ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි විට මම හිතනවා අපිට අභියෝග කරන කණ්ඩායම් සමග සබඳතා පවත්වාගත යුතු නෑ.මුලින්ම එන්නේ රටයි. ක්‍රිකට් වේවා හොකී වේවා එය පැත්තකින් තැබිය යුතුයි. මේක විශාල දෙයක් අඛණ්ඩව අපේ සෙබළුන් මැරෙනවා. අපි අපේ රට සමග එකට සිටිය යුතුයි. අපි ඔවුන් සමඟ ක්‍රීඩා කළ යුතු නෑ. ”


News Articles
Latest Videos
Most Popular Post