News Line| Off Air
Generic placeholder image

Feb
20

දරුවන් පිහිටුවිමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

1090 Views


දරුවන් පිහිටුවිමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා.

දරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ,

අද මතුව තිබෙන විවිධ සමාජ අභියෝග සමග දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බවයි. වත්මන් දරු පරපුරට එල්ලවී ඇති අභියෝග පිළිබඳ සෑම ක්ෂේත‍්‍රයකම පුළුල් සංවාදයක් ඇති කිරීම සහ සාකච්ජාවට ලක් කිරීම එහි අරමුණ බව ජනාධිපතිතුමා කියා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post