පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.
05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ ළමා ප‍්‍රඥප්තියේ සඳහන් කාර්යයන් සහ වගකීම් ඉටුකිරීමට රජයක් ලෙස බැදී සිටිනවා සේම රටේ දරු පරපුර වෙනුවෙන් සියලූ යුතුකම් ඉටුකිරීමට තමා