News Line| Off Air
Generic placeholder image

Feb
20

රංජන්ගේ කොකේන් ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේදීත් කතාබහක්

709 Views


රංජන්ගේ කොකේන් ප‍්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේදීත් කතාබහක්

රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය පිළිබද පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ වුණා.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ ප‍්‍රකාශය පිළිබද විමර්ශනය කිරීමට කමිටුවක් ද පත්කර ඇති බවයි.

එම කමිටුව සිය විමර්ශන වාර්තාව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශය මේ වනවිට දැඩි කතා බහක් මතුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post