News Line| Off Air
Generic placeholder image

Feb
21

මන්ත්‍රීවරුන් සිරවූ සෝපානය වෙනුවට නව සෝපාන 10ක්

699 Views


මන්ත්‍රීවරුන් සිරවූ සෝපානය වෙනුවට නව සෝපාන 10ක්

මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයායි.

මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.

අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු යැයි දැනෙන්නේ නම් මෙතරම් මුදලක් වැය කර සෝපාන සවි කිරීම ගැන අපි ප්‍රශ්න නොකරන්නෙමු.

නමුත් ජනතාව විමසන්නේ, තම ප්‍රශ්න විසඳීමට මේ තරම් හදිස්සියක් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ඇත්ද යන්නයි.

මහල් තුනක් ගමන් කිරීම සඳහා පඩිපෙළ පවා උපයෝගී කර ගත හැකිව තිබියදී ජනතා ප්‍රශ්න විසඳන වේගයට වඩා වැඩි වේගයෙන් මෙවැනි ප්‍රශ්න විසඳීමට උනන්දු වීම ගැන ජනතාව ප්‍රශ්න කරයි.


News Articles
Latest Videos
Most Popular Post