News Line| Off Air
Generic placeholder image

Feb
21

රුසියානු සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

518 Views


රුසියානු සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වෙනවා.

හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ.

450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දී තිබුණි.

නව පනත සම්මතවීමත් සමග දුරකතන ඇමතුම් ගැනීමට සහ කෙටි පණිවුඩ යැවීමට පමණක් හැකි ජංගම දුරකතන භාවිත කිරීමට සෙබළුන්ට අවස්ථාව හිමිවුවත්, ටැබ්ලට් හෝ ලැප්ටොප් පරිගණක භාවිතය ද තහනම් වනු ඇති.

සෙබළුන්ගේ සමාජ වෙබ් අඩවි ගිණුම් තුළින් රහසිගත හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට යාම වැලැක්වීම මෙවැනි පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ අරමුණ වේ.


News Articles
Latest Videos
Most Popular Post