News Line| Off Air
Generic placeholder image

Feb
22

කවුද දින්නේ කවුද පැරදුනේ කියන එක මට වැදගත් නෑ සංගා මහේල යෝජනා මම ඉදිරියට ගෙනියනවා

1504 Views


කවුද දින්නේ කවුද පැරදුනේ කියන එක මට වැදගත් නෑ සංගා මහේල යෝජනා මම ඉදිරියට ගෙනියනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයෙන් පත්වූ කණ්ඩායම සමග වැඩකිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරන විමර්ශන ඒ ආකාරයෙන්ම කරගෙන යන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ඊයේ දවසේ මාධ්‍ය හමුවකට එක්වෙමින්,

“ කවුද දින්නේ කවුද පැරදුනේ කියන එක මට වැදගත් නෑ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස්විය යුතුයි.සංගා මහේල සමග කටයුතු සාකච්ඡා කළා. ඒක හොඳ ව්‍යවස්ථාවක්. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.මේ පත්වුණ කණ්ඩායම ඒකට සහාය දෙයි කියලා හිතනවා. කරගෙන යන කිසිම දෙයක් නවත්වන්නේ නෑ. වෝහාරික විගණනයක් කරනවා. ඒක ඒ ආකාරයෙන්ම කරනවා.ඡන්දේ දීපු අය කණ්ඩායම පත්කර තිබෙනවා.මේ අවුරුද්ද ලෝක කුසලානය තිබෙන නිසා වැදගත් අවුරුද්දක්. මම කියන්නේ නෑ කවුරුවත් නීතියෙන් වැරදිකරු වෙනකම් වරැදිකරු කියන්නේ නෑ. ලංකාව කියන්නේ කටකතා ලෝකයක්. ඒ නිසා මම විශ්වාස කරන්නේ ඇස්දෙකට දැකලා කල්පනා කරලා හරි තීරණය ගන්නවා. ”


News Articles
Latest Videos
Most Popular Post