නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබද කිසිදු සාක්ෂියක් සිය පර්යේෂණ වලදී ලැබී නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශය පවවසනවා. එහිදී මහාචාර්යය යසාංජලී ජයතිලක මහත්මිය සදහන් කලේ ඒ සම්භන්ධයෙන් කිසිදු භෞතික සාධකයක් හමුවී නොමැති බවයි.

නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් මනසේ ඇති වන රූපමය සිතුවිලි හේතුවෙන් ඇති විය හැකි බව මනෝ වෛද්‍යවරුන් පවසනවා. මානසික රෝග පිළිබද විශේෂඥ රූමි රූබන් මහතා සදහන් කලේ මේ පිළිබදව කිසිදු සාක්ෂියක් හමු නොවීම මත වනචාරී කුරු මිනිසුන් පිළිබද මෙතෙක් පිළිගත නොහැකි බවයි.
නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබද ආදිවාසීන් ද අදහස් දක්වා තිඛෙනවා. ආදිවාසීන් සදහන් කලේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි නිත්තෑවන් තමන් විසින් මුලූනුපුටා දැමූ බවයි. කුලියාපිටිය එලතලව ප්‍රදේශයේ ද නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් සැරිසරන බවට තොරතරු වාර්තා වුණා.
අම්පාර ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකු සදහන් කලේ තමන් ද නිත්තෑවන් දුටු බවයි. නිත්තෑවන් හෙවන් වනචාරී කුරු මිනිසුන් එකල බහුලව ජීවත් වූ සැලකෙන්නේ අම්පාර ප්‍රදේශය ආශ්‍රිතවයි. සමාජ විද්‍යාඥයින් ප්‍රකාශ කරන අන්දමට නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් මිනිසුන් මෙන් දෙපා වලින් ඇවිද යා හැකි සත්ව මුහුණක් සහිත ශරීරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ව කොට්ඨාසයක්.
රංචු වශයෙන් දිවි ගෙවා ඇති මොවුන් මිනී මස් කෑම ද සිදු කර ඇති බව සදහන් නිත්තෑවන්ගෙන් එල්ල වූ තර්ජන මත ආදිවාසීන් විසින් ඔවුන් විනාශ කර තිඛෙනවා.
කුලියාපිටිය එලතලව ප්‍රදේශයේ අත්භූත අයුරින් සැරිසරන්නේ අම්පාර ප්‍රදේශයේ් සිටිබැව් කියන නිට්ටෑවන් දැයි සැකයක් මතුවන බව එඇ පිළිබ`දව බියෙන් හා කෘතුහලයෙන් පසුවන ප්‍රදේශවාසීහු පවසති. එවැනි ආකාරයේ අත්භූත සතෙකු දැකීමෙන් අනතුරුව පැතිරෙන විවිධ කටකථා හේතුවෙන්ප්‍රදේශයේ පිරිස් තවත් අසීරුතාවයට පත්ව ඇතැයිද ඔවුහු පවසති.
මේ පිළිබඳව විමසා බැලීමට ගිය අපට හමුවූ සියැසින් එම අත්භූත සත්වයා දුටු බැවි කියන පිරිස පැවසූයේ මෙවන් අදහස්ය.
මුලින්ම මෙම නිට්ටෑවායැයි සැකකරන සත්වයා දුටු මූණමල්දෙණියේ සුනිල් ජයතිලක මහතා
මම මීට දවස් 15කට විතර කලින් කුඹුරට ගියා වල්පැල කපන්න. පස්සෙ එතන ඉදලා මීටර් 20ක් වගේ ඈතින් කෙනෙක් පිටුපස හැරිලා බලාගෙන ඉන්නවා වගේ දැක්කා. වදුරෙක් වගේ වුණත් වදුරෙක් නම් නෙවෙයි කියන්න පුලූවන්. මම බයවෙලා අතේ තියන උදැල්ල අරගෙන පැන්නුවා ඒ සතා පස්සෙන් පුදුම වේගෙකින් දිව්වා. මම ඇවිල්ලා ගොඩක් අයට කිව්වා ව පැත්තට යනවානම් පරිස්සමෙන් ඉන්න කියලා.
පහළ එලතලව ප්‍රදේශයේ අදාළ නිට්ටෑවන්යැයි සිතිය හැකි සත්වයා දුටුබව කියන වයඹ විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන ඉමාශා උවන්දනී දැරිය මෙසේ පැවසීය.
අපි සෝමරත්න මාමලාගෙ ගෙදර හවස්වෙලා ව ගැන කථා කරමින් හිටියා පස්සෙ සෝමෙ මාමා කිව්වා අන්න කුරු මිනිහෙක් වෙලදිගේ කැලේ පැත්තට එනවා කියලා. අනික් අය හිනාවෙලා නිකංහිටියත් මම ගියා බලන්න. අතේ දිග යෂ්ඨියක් තිබුණා වගේ දැක්කා. ටිකක් කලබලෙන් වගේ වෙල දිගේ ඇවිත් රිට පැන්නාවගේ වෙලේ ඉ`දලා පැන්නා. අපිට බය හිතුනෙ නැහැ ව වෙලාවෙ. අපි පස්සෙන් ගියා අඩි සලකුණු කියලා හිතන්න පුලූවන් සළකුණුත් තියනවා හිටියයි කියලා හිතෙන කැලේ පොඩිවුණ තැන් පවා අපි දැක්කා. හැබැයි නිතර නිතර බල්ලන් ව පැත්තට බුරනවා ඇහෙනවා.
එම සිද්ධියම විස්තර කළ රුවනි චන්ද්‍රලතා මහත්මිය මෙසේ පැවසීය.
අපි වත්ත පුරා දිව්වා. හොයාගන්න බැරිතැන ගමේ අයව දැනුවත් කළා පසස්සෙ ආරංචිවුණා මූණමල්දෙණියෙ පන්සලේ හිටපු කුකුල්ලූ අරගෙන ගිහින් කාලා කියලත්. අපි පොලිසිය දැනුවත් කළා පොලිසියෙනුත් ලොකු සහයෝගයක් දෙනවා ගමේ පිරිසගෙ ආරකෂාවට. කොහොම වුණත් ගමේ බිළි`දු දරුවන් ඉන්න අය ගොඩක් බයෙන් ඉන්නවා. අම්පාර පැත්තෙ හිටපු නිට්ටෑවන් නම් ඇවිල්ලා තියෙන්නෙ මහා භයානකයි. අන්න ව නිසා අපි ඉල්ලනවා ඇවිල්ලා මේගැන හොයලා බලන්න කියලා. යැයි පැවසීය.
විශේෂත්වය වන්නේ අන්තර්ජාලයෙන් බාගත කරගත් ඡායාරූපයක් පෙන්වා සිටීමේදී සියලූම දුටුබව කියන පිරිස් පවසන්නේ ඊට සමාන බව පැවසීමයි.
මේ පිිළිබඳව අප කළ වවිමසීමකදී උසස් පොලිස් නිළධාරියෙකු පැවසූයේ අදාල ප්‍රදේශයේ දුටුබැව් කියන පිරිස් ලබාදෙන ප්‍රකාශ අනුවයමින් ව පිළිබඳව පුලූල් පරීකෂණ පවත්වන බවයි.