News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පුද්ගලයෙකු හැටන්හිදී අත්අඩංගුවට

673 Views


මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පුද්ගලයෙකු හැටන්හිදී අත්අඩංගුවට

එන් සී ලෙස හන්ඳු මත්ද්‍රව්‍ය කිලෝ 7 යි ග‍්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. හැටන් ගාමිණීපුර ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම මත්ද්‍රව්‍ය තොගය ග‍්‍රෑම් 10 බැගින් වූ කුඩා ටින්වල අසුරා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළා. පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට සැකකරු විසින් කලක් තිස්සේ එම මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post