News Line| Off Air
Generic placeholder image

Feb
25

මහින්දානන්ද අලුත්ගමගේ පුතා අත්අඩංගුවට

706 Views


මහින්දානන්ද අලුත්ගමගේ පුතා අත්අඩංගුවට

බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරටක ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා වන රංසික අලුත්ගමගේ මහතාගෙන් බම්බලපිටිය පොලීසිය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීමට අදාළව මේ වන විට සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර ව්‍යාපාරිකයෙක් වන ධම්මික ආටිගල මහතාගේ පුතා වන සුදම්මික ආටිගල මහතාද වෙයි. ඔහු කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ද වෙයි.

සිදුවීමට අදාළව ඩිෆෙන්ඩර් රථය හා ප්‍රාඩෝ රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු අවුරුදු 27 ක් වන විසිත ශ්‍රී විජේසේකර, එය පැදවූ අවුරුදු 27ක් වන නවිඳු ඔමේෂ් රත්නායක, ප්‍රාඩෝ රථයේ හිමිකරු අවුරුදු 28ක් වන සුදම්මික ආටිගල එම රථයේ ගමන් කළ අවුරුදු 23ක් වන කිරන් මැතිව් දනිස් යන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post