News Line| Off Air
Generic placeholder image

Feb
25

ලංකාවෙ අලුගෝසු තනතුරට විදේශිකයෙක්

689 Views


ලංකාවෙ අලුගෝසු තනතුරට විදේශිකයෙක්

අලුගෝසු තනතුරට අයදුම්පත් භාර ගැනීම අද දහවල් 12 න් අවසන් වනවා. අලුගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කෙරුණේ පසුගිය 11 වනදායි.

ඒ සදහා විද්‍යුත් තැපෑල ඔස්සේ ඇමෙරිකානු පුරවැසියෙකුගෙන් ද අයදුම්පතක් ලැබුනු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලේ.මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලූ‍ගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති මුත්, ලැබී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ගැටලූ‍ සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

එම තත්ත්වය තුළ අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබුවේ ජනවාරි 25 වන දායි.

එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී ඇති රැඳවියන් සංඛ්‍යාව 17 ක්.ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී යි.


News Articles
Latest Videos
Most Popular Post