News Line| Off Air
Generic placeholder image

Feb
25

නලීන් බණ්ඩාර‌‌‌‌ රන්ජන්ගෙන් ඉල්ලීමක් කරයි

766 Views


නලීන් බණ්ඩාර‌‌‌‌ රන්ජන්ගෙන් ඉල්ලීමක් කරයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද(25දා) පැවසීය.

ආණ්ඩුවට වැඩ කිරීමට තිබෙන බවත්,රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට ගියහොත් එම වැඩකටයුතුවලට බාධා සිදුවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

තමා සම්බන්ධව සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවත්,සිය බිරිඳ ඇතුළු විවිධ පාර්ශ්ව තමාගෙන් ඒ සම්බන්ධවිමසීම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඕනෑම පුද්ගලයෙකු තුළ වැරදි තිබිය හැකි බවත්,රන්ජන් රාමනායක මහතා නම් හෙළිකිරීම ප්‍රමාද කිරීමෙන් රටක් වශයෙන් අවාසි සිදුවිය හැකි බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post