News Line| Off Air
Generic placeholder image

Feb
25

එදා කන්හැන්දෙන් කුඩු බෙදනවනම් අද සවලෙන් පුළුවන්

577 Views


එදා කන්හැන්දෙන් කුඩු බෙදනවනම් අද සවලෙන් පුළුවන්

වර්තමානයේදි හෙරොයින් මත්කුඩු අත්අඩංගුවට ගන්නා ආකාරය බැලූ විට එම මත්ද්‍රව්‍ය සවලෙන් බෙදා දිය හැකි  බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

“එදා අපේ රජයේ අගමැතිවරයෙකුට සම්බන්ධ ලේකම්වරයෙකුට කොළඹ වරායට ආපු කන්ටේනරයක තිබුණු කුඩු සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කිව්වා ලංකාවේ ඉන්න ඔක්කොටම කන් හැන්දෙන් ගහන්න දෙන්න පුලුවන් තරමේ කුඩු ප්‍රමාණයක් ඇල්ලුවා කිව්වා.

අනුර කුමාර මහත්තයෝ අපේ රජය කාලේ අල්ලපු කුඩු කන් හැන්දෙන් බෙදුවා නම් අද අල්ලන කුඩු සවලෙන් බෙදන්න පුළුවන්. මේ ආණ්ඩුව ආවේ යහපාලනය ගේන්න. රටේ අපරාධ නොවෙන තත්ත්වයක් හදන්න, මත්ද්‍රව්‍ය තුරන් කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න කියලා ආපු මේ ආණ්ඩුවෙයි කුඩුයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද.

ගල්කිස්ස මුහුදු තීරයේදී ආණ්ඩුවේ ප්‍රභල ඇමැතිවරයෙක්ගේ මාධ්‍ය ලේකම්වරයෙක් කුඩුත් එක්ක අහු වුණත් මාධ්‍ය ලේකම්වරයා එළියට ඇවිත් අහිංසක රියදුරා කුඩුත් එක්ක ඇතුළේ.”


News Articles
Latest Videos
Most Popular Post